Botanical Name / Azadirachta indica A.Juss.

Group: 1 Angiosperms (Flowering Plants) - I - Dicotyledons Family: Meliaceae Genus: Azadirachta
Common sinhala name
Kohomba - කොහොඹ
Habit
Large tree - විශාල ගසක්
Origin
Exotic - විදේශීය සම්භවයක් සහිත ශාකයකි.
Conservation status
N/A - විදේශීය ශාකයක් ලෙස සලකන බැවින් ඇගයීමට ලක් නොකරයි.
Legal status
N/A - විදේශීය ශාකයක් ලෙස සලකන බැවින් ඇගයීමට ලක් නොකරයි.
Similar species
All vernacular names
Azadirachta indica A.Juss.
Featured image
Azadirachta indica A.Juss.
Contributors for Images
FlowerSL (ID-PMR), IDA 100%
Azadirachta indica A.Juss.

බංගලිදේශය, තායිලන්තය, කාම්බෝජය වැනි නැගෙනහිර ආසියානු කලාපය නිජබිම කරගත් මෙම ශාකය සැලකිය යුතු තරම් ඈත කාලයකදී ශ්‍රී ලංකාව ඇතුලු රටවල් රාශියකට හඳුන්වාදී ඇත. මේ වන විට ස්වභාවික පරිසරයේ මිනිසාගේ බලපෑමකින් තොරව ව්‍යාප්තවන නිසා ස්වභාවික කරණය වූ විදේශීය ශාකයක් ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාව තුල වියලි සහ ශුෂ්ක කලාප වල වැඩි ව්‍යාප්තියක් පෙන්වයි. මීටර් 15-20 දක්වා වර්ධනය වන විශාල ගසකි. පොත්ත රතු-දුඹුරු පැහැයේ සිට කොල පැහැය දක්වා වෙනස් වේ. පරිනත ශාක වල පොත්ත පැලුන ස්වභාවයක් ගනී. පොත්තේ ඇතුලත රතු-දුඹුරු පැහැතිය. එහි අවර්ණ, ගන්ධයක් සහිත තරලයක් ඇත. සෙන්ටිමීටර් 15-35 අතර විශාලත්වයක් ගන්නා සංයුක්ත පත්‍රයක් දරන අතර එහි පත්‍රිකා අසමමිතික බවක් දක්වයි. මාර්තු-මැයි කාලයේ අතු අග කෙටි කිනිති වල කුඩා සුදු පැහැති පුෂ්ප හටගනී. සෙන්ටිමීටර 1.5x1 පමණ විශාලත්වයක් සහිත ගෙඩි ඉලිප්සාකාරය. ඉදුනු විට කහ පැහැතිය. එක් බීජයක් සහිතය. පරිනත ගස් වල දැව ගෘහ භාන්ඩ සැදීම සහ වෙනත් විවිධ දැව අවශ්‍යතා සඳහා භාවිත කරයි. බීජ වල ඉහල කෘමිනාශක හැකියාවක් පවතින නිසා විවිධ ස්වභාවික කෘමිනාශක සෑදීම සඳහා යොදා ගනී.

වියලි කලාපයේ වැඩි වශයෙන් සහ තෙත් කලාපයේ ගෙවතු ආශ්‍රිතව



FLORA AND FAUNA SL (GUARANTEE) LTD. 93/A/18
2nd Lane, Bandaranayakepura, Idigolla, Gampaha.

(033) 222 8823,

071 914 3228

floraofsrilankapmr@gmail.com