Botanical Name / Tectona grandis L.f.

Genus: Tectona
Group: 1 Angiosperms (Flowering Plants) - I - Dicotyledons Family: Lamiaceae Genus: Tectona
Common sinhala name
Thekka, තේක්ක
Habit
Large tree, විශාල ගසක්
Origin
Ex- Timber Tree විදේශයකින් හඳුන්වාදුන් ශාක විශේෂයකි
Conservation status
N/A
Legal status
N/A
Similar species
-
All vernacular names
Saka (Sanskrit), Tekku (Tamil), Indian oak, Tek, Teak tree
Tectona grandis L.f.
Featured image
Tectona grandis L.f.
Contributors for Images
Sajith Gajanayake (ID-SG), Chalitha Madhuwantha (ID-CM)- IDA 100%
Tectona grandis L.f.

ඉන්දියාව සහ නැගෙහිර ආසියානු කලාපය නිජබිම කරගත් මෙම ශාකය එහි පවතින දැවමය වටිනාකම නිසා ශ්‍රී ලංකාව ඇතුලු තවත් රටවල් රාෂියකට හඳුන්වාදී ඇත. ශ්‍රී ලංකාවේ දැනටත් වානිජ්‍ය දැව වගාවන් සඳහා භාවිත කරන ප්‍රධාන ශාක විශේෂයක් වන අතර වියලි සහ අතරමැදි කලාපයේ විශාල වානිජ්‍ය වගාවන් පවතින අතර සුලභ ගෙවතු ශාකයක් ලෙසද නඩත්තු කරනු ලබයි. ප්‍රශස්ත තත්ත්ව යටතේ මීටර් 50 ක් පමණ උසකට වර්ධනය වන බව සඳහන් වුවත් සාමාන්‍යයෙන් මීටර් 30 ක් පමණ දක්වා වර්දනය වේ. සිලින්ඩරාකාර කඳක් සහිත මෙම ශාකයේ පොත්ත අලු-දුඹුරු පැහැයක් ගන්නා අතර පතුරු ගැලවෙන ස්වභාවයක් පෙන්නුම් කරයි. අරටුව දුඹුරු පැහැතිය. පත්‍ර ද්විකාන්තරික වන අතර සම්මුඛය. පලල් ඉලිප්සාකාර ස්වභාවයක් ගනී. විශාලය. කුඩා සුදුපාට මල් රාෂියක් පුෂ්ප මංජරියක හටගනී.



FLORA AND FAUNA SL (GUARANTEE) LTD. 93/A/18
2nd Lane, Bandaranayakepura, Idigolla, Gampaha.

(033) 222 8823,

071 914 3228

floraofsrilankapmr@gmail.com