Botanical Name / Terminalia arjuna (Roxb. ex DC.) Wight & Arn.

Genus: Terminalia
Group: 1 Angiosperms (Flowering Plants) - I - Dicotyledons Family: Combretaceae Genus: Terminalia
Common sinhala name
Kumbuk , කුඹුක්
Habit
Large tree, විශාල ගසක්
Origin
Native, දේශීය
Conservation status
LC, අඩු අවදානම්
Legal status
Not protected, ආරක්ෂිත ශාකයක් නොවේ
Similar species
මේ ශාකය සමග වරදවා හඳුනාගැනීමට අවකාශ පවතින වෙනත් ශාක නොමැත
All vernacular names
Terminalia arjuna (Roxb. ex DC.) Wight & Arn.
Featured image
Terminalia arjuna (Roxb. ex DC.) Wight & Arn.
Contributors for Images
FlowerSL (ID-PMR), Asiru Karunarathna (ID-AK) , Ruwani Perera (ID-RP) - IDA 100%
Terminalia arjuna (Roxb. ex DC.) Wight & Arn.

දේශීය ශාක විශේෂයකි. ලංකාවේ මෙන්ම ඉන්දියානු උප මහද්වීපයේ (ඉන්දියා, බංගලිදේශය, පකිස්ථානය) ස්වභාවික ව්‍යාප්තියක් පෙන්වයි. ශ්‍රී ලංකාව තුල වියලි කලාපයේ ජල මාර්ග ආශ්‍රිතව සුලභව දැකගත හැකිය. මුහුදු මට්ටමේ සිට මීටර් 1250 දක්වා උන්නතාංශයක් තුල ව්‍යාප්තව ඇත. පැතිරුණු විශාල කිරුලක් සහිතය. මීටර් 25 ක පමණ උසක් දක්වා වර්ධනය වන විශාල ගසකි. පත්‍ර සම්මුඛ හෝ උප-සම්මුඛ වින්‍යාසයකට අනුව සැකසී ඇත. පත්‍ර දිගටිය. වයස්ගත වන විට තැඹිලි-රතු පැහැයට හැරේ. පොත්ත මෘදුය. රෝස හෝ කොල-සුදු පැහැයක් ගනී. විශාල කැබලි ලෙස පොතු ගැලවීයාම දක්නට ලැබේ. මුල කයිරු සහිත වේ. ලපටි අතු හා රිකිලි පහලට එල්ලා වැටෙන ස්වභාවයක් ගනී. කොලවන් සුදු පැහැති වෘන්ත රහිත කුඩා පුෂ්ප, පුෂ්ප මංරියක් තුල හට ගනී. ඵලය සෙන්ටිමීටර් 2.5-3.5 පමණ විශාලය. වියලිය. දෘඩ දාර 5 කින් සමන්විතය. අරටුව ශක්තිමත් බැවින් උසස් තත්වයේ දැව සපයනු ලබන ශාකයකි. දේශීය වෛද්‍ය කටයුතු සඳහා ශාකයේ විවිධ කොටස් භාවිත කරනු ලබයි. වියලි කලාපයේ මාර්ග දෙපස සිටුවීම සඳහා ද සුලභව භාවිත කරනු ලබයි.

Revised hand book to the Flora of Ceylon, Volume 9, Page 44



FLORA AND FAUNA SL (GUARANTEE) LTD. 93/A/18
2nd Lane, Bandaranayakepura, Idigolla, Gampaha.

(033) 222 8823,

071 914 3228

floraofsrilankapmr@gmail.com