මෙම ශාක ගනය Mussaenda ලෙස නම් කිරීමට හේතුවී ඇත්තේ Mussaenda frondosa L. විශේෂය සඳහා ලංකාවේ භාවිත වන සිංහල නාමය වන මුස්සැන්ද යන නාමය වේ. මෙහි පුෂ්පයටත් වඩා ආකර්ෂනීයව සැකසී ඇත්තේ වඩා විශාල ලෙස වර්ධනය වූ සුදු පැහැ මණිපත්‍රය වන අතර එම මනිපත්‍රය ආහාර සැකසීම සඳහා ද භාවිත කරනු ලබයි. මෙම ශාකය විසිතුරු ශාක සඳහා දේශීය විශේෂ වැවීමට කැමති අයහට ගෙවත්තේ වගා කරගැනීම සඳහා ද සුදුසු විසිතුරු ශාකයක් ලෙස ඉහල විභවයක් සහිත ශාකයක් ලෙස හැඳින්විය හැකිය.