Botanical Name / Annona muricata L.

Genus: Annona
Group: 1 Angiosperms (Flowering Plants) - I - Dicotyledons Family: Annonaceae Genus: Annona
Common sinhala name
Katu Anoda, කටු අනෝදා
Habit
small tree කුඩා ගසක්
Origin
Exotic විදේශීය
Conservation status
N/A නැත
Legal status
N/A නැත
Similar species
නැත
All vernacular names
කටු ආත්ත, Soursop (E)
Annona muricata L.
Featured image
Annona muricata L.
Contributors for Images
FlowerSL (ID-PMR), Pathumi Dinithya (ID-PD), Sanjeewa Rupasinghe (ID-SR), IDA 100%
Annona muricata L.

බ්‍රසීලය, බොලිවියා වැනි දකුණු ඇමරිකානු මහද්වීපයේ රටවල් කිහිපයක් නිජබිම කරගත් කටු අනෝදා ශාකය මේ වන විට ඝර්ම කලාපීය රටවල් රැසක ව්‍යාප්ත කර ඇති පලතුරු ශාකයකි. මීටර් 4-10 ක් දක්වා විශාල වන කුඩා ගසක් ලෙස සැලකිය හැකිය. මතුපිට පෘෂ්ඨය දිලිසෙන සරල පත්‍ර සහිතය. පත්‍ර වෘන්තය මිලිමීටර් 3-7 ක් දිගුවන අතර පත්‍ර තලය සෙන්ටිමීටර් 8-16 දිගුවන අතර පලල සෙන්ටිමීටර 3-7 කි. ඕවලාකාරය. පාර්ශ්වික නාරටි 8-12 සංඛ්‍යාවක් පවතී. පුෂ්ප කොලට හුරු කහ පැහැයක් ගනී. පරිනත ඵල සෙන්ටිමීටර 10-25 දිගුය. විශ්කම්භය සෙන්ටිමීටර් 15 කට ආසන්නව පවතින අතර සංයුක්ත ඵලයක් ලෙසද සැලකේ. ඕවලාකාර හෝ අක්‍රමවත් ඕවලාකාර හැඩැතිය. අඳුරු කොල පැහැයක් ගන්නා අතර මිලිමීටර් 6 ක් පමණ දිගු මෘදු කටු සහිතය. එම කටු වක්‍ර හැඩයක් ගනී. සංයුක්ත ඵලයේ බීජ රාෂියක් ඇත. ඒවා කලු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී. ඉදුන ඵල රසවත් පලතුරක් වන අතර ඖෂධීය වටිනාකමක් සහිත ශාකයක් ලෙස ද සැලකේ.

No related sites added.



FLORA AND FAUNA SL (GUARANTEE) LTD. 93/A/18
2nd Lane, Bandaranayakepura, Idigolla, Gampaha.

(033) 222 8823,

071 914 3228

floraofsrilankapmr@gmail.com