ශාකයේ ලපටි කාලයේ පත්‍රවල මැද නාරටිය ආසන්නයේ පවතින සුදු පැහැති ප්‍රදේශය, පරිනත ශාකවල පත්‍ර වල දැකිය නොහැකි බැවින් ඇතැම් විට පරිනත ශාක නිවැරදිව හඳුනාගැනීමේදී ගැටලු ඇතිවිය හැකිය. එසේම ලපටි කාලයේදී පත්‍ර යේ ස්වරූපය සිහින් දිගටි වුවද පරිනත වන විට පත්‍රයේ දිග අඩුවී පලල වැඩිවන ස්වභාවයට පත්වේ. එවන් අවස්ථාවල ශාකය නිවැරදිව හඳුනාගැනීම සඳහා මල් වල ස්වභාවය උපයෝගී කරගත හැකිය. එසේම මල් වල පැහැයද කහ සිට තද දුඹුරු දක්වා වෙනස් වේ...