Botanical Name / Moringa oleifera Lam.

Genus: Moringa
Group: 1 Angiosperms (Flowering Plants) - I - Dicotyledons Family: Moringaceae Genus: Moringa
Common sinhala name
Murunga මුරුංගා
Habit
Small Tree - කුඩා ගසක්
Origin
Exotic - විදේශීය
Conservation status
N/A - නැත
Legal status
N/A- නැත
Similar species
නැත
All vernacular names
Moringa oleifera Lam.
Featured image
Moringa oleifera Lam.
Contributors for Images
FlowerSL (ID-PMR), Sanjeewa Rupasinghe (ID-SR), IDA 100%,Jacob de Vlas (ID-JdV)
Moringa oleifera Lam.

MURUNGA 1 FOOT [ මුරුංගා ] නිජ බිම ලෙස සැලකෙන්නේ ඉන්දියාව සහ පකිස්ථානය වේ. බොහෝ කාලයට පෙරදී එම රටවලින් ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලද ශාකයකි. මීටර් 3-12 දක්වා උසකට වර්ධනය වන කුඩා ගස කි. කැපී පෙනෙන කිරුලක් නොමැත. ක්‍රීම් පැහැති කඳ සහ අතු ශක්තිමත් නැත. පොත්තෙන් ඇලෙන සුලු ජෙලටිනීමය ශ්‍රාවයක් පිට කරයි. සංයුක්ත පත්‍ර සර්පිලාකාරව සැකැස්මක් දක්වයි. සෙන්ටිමීටර 20-60 විශාලත්වයකින් යුත් සංයුක්ත පත්‍ර ද්වි පක්ෂවත් හෝ ත්‍රි පක්ෂවත් ලෙස බෙදී ඇත. පත්‍රිකා අන්ඩාකාර හෝ ප්‍රත්‍යන්ඩාකාර හැඩයක් ගන්නා අතර ප්‍රමාණය මිලිමීටර් 5-25 x 3-14 අතර වේ. පෙති පහකින් යුත් සුදු පැහැති හෝ කහ-සුදු පැහැති මල් හටගන්නේ සංයුක්ත ඒකාක්ෂක පුෂ්පමංජරි තුල වේ. සුවඳවත්ය. ඵලය වියලි කරලකි. එය සෙන්ටිමීටර් 18-45 තරම් දිගුය. කොල පැහැයෙන් පැවතී මේරූ පසුව දුඹුරු පැහැයට හැරේ. ඵලය පැලී බීජ නිදහස් වන අතර සෙන්ටිමීටර් 1 ක පමණ විශාලත්වයෙන් යුත් බීජ පියාපත් තුනකින් සමන්විතය. ලපටි කරල් සහ පත්‍ර ආහාර සඳහා භාවිත කරයි. පොතු අච්චාරු රසවත් කිරීම සහ වෙනත් ආහාර රසකාරක ලෙස ද භාවිත කරනු ලබයි. ශාකයේ විවිධ කොටස් වල ඖෂධීය භාවිතයන් ඇත. වියලි කලාපයේ වැට වල් සඳහා බහුලව සිටුවනු ලබන ශාකයකි.



FLORA AND FAUNA SL (GUARANTEE) LTD. 93/A/18
2nd Lane, Bandaranayakepura, Indigolla, Gampaha, Sri Lanka.

0778740212, 0777 336202 (Sajith).

Environmental Consultants, Educational and Rehabilitation Organization (ECERO), 93/A/18
2nd Lane, Bandaranayakepura, Indigolla, Gampaha, Sri Lanka.

(033) 222 8823, 071 914 3228

floraofsrilankapmr@gmail.com