ශ්‍රී ලංකාවට ආවේනිකය. මීටර් 18 ක් පමණ උසට වර්ධනය වන මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක් සහිත ගසකි. පොත්ත මිලිමීටර් 10 ක් පමණ ගනකම් වන අතර ලා දුඹුරු පැහැයක් ගනී. දලු දීප්තිමත් රතු පැහැයක් ගනී. ප්‍රතිවිරුද්ද පත්‍ර වින්‍යාසයක් දරයි. පත්‍ර වල විශාලත්වය සෙන්ටිමීටර 7-25 x 3-8 වේ. ඕවලාකාර සිට ඉලිප්සාකාර හෝ ඉලිප්සාකාර-ලංසාකාර හැඩැතිය. පත්‍ර නටුව සෙන්ටිමීටර 1-2 ක් දිගුය. මධ්‍ය නාරටියට අමතරව පත්‍ර පාදයෙන් ආරම්භ වී අග්‍රස්ථය තෙක් ගමන කර එකතු වන ස්වභාවයක් ගන්නා ප්‍රධාන නාරටි 3 හෝ 5 කින් සමන්විතය. ඉහල පත්‍ර තලය අඳුරු කොල පැහැති වන අතර දීප්තිමත්ය. කේෂර රහිතය. පත්‍ර කක්ෂයෙන් හටගන්නා සංයුක්ත ඒකාක්ෂ පුෂ්ප මංජරියක් දරයි. එහි කොල පැහැයට හුරු කහ පැහැති කුඩා පුෂ්ප හට ගනී. ඵලය මිලිමීටර් 12 ක් විශාල ඉලිප්සාකාර හෝ ඕවලාකාර හැඩය දරන අතර ඉදුන විට තද දම්පැහැයට හැරේ. තනි බීජයක් සහිතය. අතීතයේ සිටම වැදගත් කුලුබඩු ශාකයක් ලෙස හඳුනාගෙන ඇත. වර්තමානයේද ප්‍රධාන සුලු අපනයන බෝගයකි. වානිජ වශයෙන් වගා කරනු ලබන අතර ඒ සඳහා ගාල්ල-මාතර දිස්ත්‍රික්ක වඩා ප්‍රසිද්ධියක් උසුලයි.
මුහුදු මට්ටමේ සිට මීටර් 700 පමණ උන්නතාංශයක් දක්වා තෙත් පහතරට ප්‍රදේශයන් තුල
Cinnamomum zeylanicum